අන්තර්ජාල නගර සභාව
මීගමුව මහා නගර සභා සේවාවට ඔබව සාදරයෙන් පිළිගනිමු. ඉතා ඉක්මනින් හා පහසුවෙන් මහා නගර සභාවෙන් ඉටු වන කටයුතු ඔබට ඉටු කර ගැනීමට මෙම සේවය ඔස්සේ හැකියාව ඇත. ඵලදායි ලෙස කඩිනමින් හා පහසුවෙන් මෙම සේවය ඔස්සේ වරිපනම් ගෙවීම් , ක්‍රීඩා පිටිය, ශ්‍රවනාගාරය, ප්‍රජා ශාලා, ආදාහනාගාරය , ගලි බවූසරය ආදිය මුදල් ගෙවා වෙන් කරවා ගැනීමටද , අන්තර්ජාලය හරහා සියලුම ඉල්ලුම්පත්‍ර ඩවුන්ලෝඩ් කර ගැනීමට ද හැකියාව ඇත. එමෙන්ම මහා නගර සභාවේ තොරතුරු මෙන්ම සියලු සේවාවන් පිලිබඳ විස්තර ක්ෂණිකව බලා ගැනීමට හැකියාව ඇත . වීදි පහන්, ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් , සෞඛ්‍ය අංශය හා වෙනත් කරුණු සම්බන්ද පැමිණිලි පහසුවෙන් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. ඒ අතර යෝජනාද ඉදිරිපත් කිරීමට හැකියාව ඇත අමතරව මහා නගර සභාවකින් සිදුවන අනෙකුත් කටයුතු සඳහා අන්තර්ජාල සේවාවන් හදුන්වා දී ඇත.
උදාහරණයක් ලෙස වීදි රේඛා සහතිකයක් තමන් සිටින තැනට ගෙන්වා ගැනීම වැනි කටයුතු රාශියක් මෙමගින් සිදු කර ගැනීමට හැකියාව ඇත. ලොව ඕනෑම තැනක සිට මෙම සේවාව ලබා ගැනීමට නගර වාසීන්ට හැකියාව ඇත. මෙහිදී ඕනෑම බැංකු කාර්ඩ් පතකින් ගෙවීම් සිදු කර හැකි අතර ඔබ ගෙවීම් සිදු කිරීමේදී ඒ සඳහා ඔබව යොමු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ජනරජයේ අන්තර්ජාල ගෙවීම් දොරටුව හරහාය ,එම නිසා එය වඩාත් විශ්වාසදායි ලෙස සිදු කල හැක. මෙම පද්ධතිය හරහා මහා නගර සභාවෙන් සිදුවන සමස්ත ක්‍රියාවලියෙන් 90% පමණ මහා නගර සභාවට නොපැමිණ ඉතා කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කර ගත හැකි වීමෙන් නගර වාසීන්ට මෙන්ම මහා නගර සභාවෙන් මෙම සේවාවන් ලබා ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට උසස් සේවාවක් ලැබෙනු ඇත. ස්තුතියි !

දැක්ම
” ජනසෙත සලසන ලොව සැම අගයන පිවිතුරු සුන්දර පුරවරයක්.”
මෙහෙවර
මීගමුව පුරවරයේ ඓතිහාසික පෞඩත්වය හා සොබා දහමේ සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් දිවයිනේ ආකර්ෂණීයම නගරය බවට පත්වීම සඳහා රජයේ යහපාලන ප්‍රතිපත්ති වලට අනුකූලව පුරවැසි ජනතාවට තෘප්තිමත් වියහැකි උසස් ජීවන තත්වයක් ළඟා කර දීම උදෙසා පෞද්ගලික අංශය සමඟද මිත්‍රශීලිව සභාව සතු භෞතික හා මානව සම්පත් නිසි කළමනාකාරිත්වයක් යටතේ යොදවමින් උපරිම සේවයක් ලබා දීම.

Site Visitor Countor:
අපගේ දෙපාර්තමේන්තු
ඉදිරි සිදුවීම් සහ ක්‍රියාකාරකම්
08
July 2021

Cityvile Colour Run
- Location : Jl. Raya Puputan No 142
- Time : 15.00 P.M. - Till Drop
- Date : 08 July 2021
- Category : Entertainment
28
Aug 2021

Violence Against Women
- Location : Jl. Sunset Road No.815
- Time : 10.00 A.M. - 13.00 PA.M.
- Date : 28 August 2021
- Category : Welfare
12
Sept 2021

Sport Games for Children
- Location : Jl. Raya Puputan No 142
- Time : 08.00 A.M. - 15.00 P.M.
- Date : 12 September 2021
- Category : Sports