නියෝජ්‍ය නගරාධිපති

ඩබ්.ඊ.දුලිප් චාමර ප්‍රනාන්දු
නියෝජ්‍ය නගරාධිපති

සමාදාන විනිශ්චයකාර / නිල නොලත් මහේස්ත්‍රාත්

නියෝජ්‍ය නගරාධිපති පණිවිඩය

මම චාමර ප්‍රනාන්දු – මීගමුව මහ නගර සභාවේ වත්මන් නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිමි.

මාගේ උපන් නගරය සහ වාසස්ථානය වූයේ මීගමුව වන අතර, මගේ පාසල් අධ්‍යාපනය ලැබුවේ මාරිස් ස්ටෙලා විද්‍යාලයෙන්ය. එහිදී ගත කළ යෞවන කාලය මට අතිශයින්ම අගනා අත්දැකීම්වලින් යුක්ත විය.

මා හට ලබා දුන් අඛණ්ඩ සහයෝගය සහ දිරිගැන්වීම් සඳහා, මාගේ පවුලේ සාමාජිකයින්ට සහ කුඩාපාඩුව හා පෙරියමුල්ල ප්‍රදේශවල ජනතාවට මා හදපිරි ස්තූතිය පළ කරමි.

මගේ දීර්ඝ සේවා දිවිය තුළ කටාර් එයාර්වේස් ආයතනයේ දීර්ඝ වසර 24 ක සේවා පළපුරුද්ද මට ජාත්‍යන්තර මට්ටමේ නායකත්වය, කළමනාකරණය සහ සංවිධාන කුසලතා වර්ධනය කිරීමට විශේෂ අවස්ථාවන් උදා කර දුනි. මේවා මීගමුව නගරය යථා ගෞරවයට පත් කරමින් සම්පූර්ණ ප්‍රතිසංස්කරණයකිමක් සිදු කිරීම සඳහා උපරිම ප්‍රයෝජනයට ගන්නා අයුරින් යොදාගනු ඇත.

මීගමුව නගරය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ධීවර කර්මාන්තය, සංචාරක ආකර්ෂණය සහ වෙළඳ ව්‍යාපාරික කටයුතු සඳහා ප්‍රසිද්ධිමත් කේන්ද්‍රස්ථානයකි. එවැනි නගරයක සංවර්ධනය මන්දගාමී වීම, දුර්වල නායකත්වය සහ සම්පත් කළමනාකරණයේ අඩුපාඩු හේතුවෙන් සිදුවී ඇති බව කණගාටුදායකය.

මීගමුව මහ නගර සභාව ලෙස, පවුල් හිතකාමී, විනයගරුක, සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂිත ජීවන පරිසරයක් ලෙස මීගමුව නගරය ගොඩනඟා දීම අපගේ මූලික අභිලාෂය සහ රාජකාරිමය වගකීම වෙයි. ඒ සඳහා යහපත් පාලනයක් ස්ථාපිත කරමින්, මීගමුවට හිමිවිය යුතු ගෞරවය, කීර්තිය සහ සමෘද්ධිය නැවත ස්ථාපනය කිරීම සඳහා අප කැපවී කටයුතු කරමින් සිටිමු.

ස්තුතියි.

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 04, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)