නාගරික කොමසාරිස්
නුවනි සුදුසිංහ
නාගරික කොමසාරිස් (ශ්‍රී.ලං.ප.සේ.1)
මහා නගර සභාව - මීගමුව
නාගරික කොමසාරිස්තුමියගේ පණිවිඩය.
මීගමුව මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ලෙස ව.කි.මි 30.8 විශාලත්වයකින් යුත් වපසරියත් තුළ ජීවත් වන 167,038 පමණ වන බහුවිධ මී පුර ජනතාවගේ කාර්යබහුල ජීවිතය සුවපහසු කිරීම සඳහා මෙම පණිවිඩය ලිවීමට ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙමි.
වරිපනම් සහ බදු ගෙවන්නන්ට මාර්ගගතව බදු ගෙවීමට හැකියාව පවතින අතර බිම්කට්ටි සැලසුම් අනුමත කිරීම කසල ඉවත් කිරීම, වරිපනම් සහතික ලබා ගැනීම ඇතුළු සේවාවන් රැසක් සඳහා අන්තර්ජාල ගෙවීම් පහසුකම් සපයා ඇත. අපගේ සේවාවන් අඛණ්ඩව වැඩි දියුණු කිරීම සඳහාත් ප්‍රදේශයේ සම්පත් සහ මානව සම්පත උපයෝගී කර ගනිමින් සංවර්ධන සැලසුම් සකස් කිරීමටත් පරිපාලන හා මහජන සේවා සහ සුභසාධක කටයුතු වලින් ජන ජීවිතය සුවපහසු කිරීමටත් හැකිවනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි.
