මීගමුව සහජීවනයේ නගරයයි......

මීගමුව වූ කලි ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයකි. මීගමුවට පර්යාය නාමයන් කිහිපයකි.

DCIM100MEDIADJI_0147.JPG

මීගමුව / මීපුරය

වෙහෙර දේවියට දුටුගැමුණු කුමාරයා ඉපදෙන්නට සිටියදී විශාල මී වදයක් කන්නට දොලක් ඇතිවීමත්, ඒ දොලදුක සංසිදූ මීවද සොයාගත් නගරය මීගොමුව වීමත් එයට මීගමුව යන්නට නම පට බැදිනි. නූතනයේ භාවිතා වන්නේද, මීගමුව යන්නයි.

නිගුම්බලය

රාක්ෂ ග්‍රෝතික ලංකේෂ්වරයාණන් වූ මහා රාවණා රජතුමා මීගමුවට භාවිතා කළ නමයි. මහා රාවණා රජතුමාගේ ප්‍රමුඛ සිද්ධස්ථානය වූයේ නිගුම්බලයේ හෙවත් මීගමුවේය. නිගුම්බලය යනු ශුද්ධ වූ ජලාශය යන්නයි.

DCIM100MEDIADJI_0119.JPG
DCIM100MEDIADJI_0188.JPG

පුංචි රෝමය

රෝමාණු කතෝලික ආගම අදහන්නන්ගේ බහුතරය මීගමුවේ විසීම හේතුවෙන් මෙම නගරය, “පුංචි රෝමය“ ලෙසද අන්වර්ථ දරයි.

මීගම

මෙනමින්ද ඉතිහාසයේ භාවිතා වී ඇත. එයට හේතුව වූයේ ඉතිහාසයේ මීගමුව ප්‍රදේශයේ විශාල වශයෙන් “මී ගස්” වැවී තිබූ බවය. මෙය බොහෝ දුරට සත්‍යයක් ලෙස පිළිගත හැක්කේ “ආයුර්වේද සංහිතා ග්‍රන්ථ” වල සදහන් වන පරිදි ඉතා විශිෂ්ට ගුණාත්මක මී පැණි සොයා ගත හැකි වන්නේ මී මල් වලින් ලබා ගන්නා රොන් වලිනි.

CLI_1128

ප්‍රධාන ආගම් සතර අදහන ජනතාවද, සතර ජාතින්ද, මෙහි ඉතා අපූර්වට සාමයෙන්, සමගියෙන්, එකමුතුකමින් ජීවත් වෙති. එබැවින් මීගමුව යනු “සහජිවනයේ නගරයයි”.

මීගමුව මහා නගර සභා ඉතිහාසය

යටත් විජිත පාලන සමයේ ක්‍රි.ව.1878.01.04 දින ඉංග්‍රීසි ආණ්ඩුව ඔවුන්ගේ පරිපාලනමය කටයුතු වල පහසුව සදහා මීගමුව දිස්ත්‍රික් සභාව පිහිටුවන ලදී. නමුත් එහි මහජන ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන් නොසිටියහ.
සෝල්බරි කොමිසමේ නිර්දේශයන් මත 1922.01.01 දින මීගමුව මහා නගර සභාව පිහිටු විය. සර්වජන ඡන්ද බලය ලබා දීමට පෙර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අත්හදා බැලීමේ පළමු ඡන්දයයි. මීගමුව නගර සභාවේ පළමු වැනි නගර සභාවේ පළමු වැනි නගර සභාපතිවරයා වන්නේ “වාසල මුදලි ඇලෙක්සැන්ඩර් එඩ්මන් රාජපක්ෂ මැතිතුමාය”. එතුමාගේ සිට නගර සභාපතිවරු 08 දෙනෙක් 1949 දක්වා පත්විය.
ක්‍රි.ව.1949 දී මීගමුව නගර සභාව මහා නගර සභාවක් බවට පත්විය. ක්‍රි.ව.1950 දී පළමුවන නගරාධිපති හා මන්ත්‍රී මණ්ඩලය පත් විය. ක්‍රි.ව.1949 දී මීගමුව නගර සභාව මහා නගර සභාවක් බවට පත්විය. ක්‍රි.ව.1950 දී පළමුවන නගරාධිපති හා මන්ත්‍රී මණ්ඩලය පත් විය.

   අනු අංකය      පත්වූ නගරාධිපතිවරු      ධූරය දැරූ කාල සිමාව   
1A.N.D.අබේසිංහ මැතිතුමා1950 – 1954
2S.K.විජේරත්නම් මැතිතුමා1954 – 1956
3T.විජයපාල මෙන්ඩිස් මැතිතුමා1957 – 1959
4T.විජයපාල මෙන්ඩිස් මැතිතුමා1960 – 1962
5ජෝන් රුද්‍රිගෝ මැතිතුමා1963 – 1965
6මුදලිදු ඩේවිඩ් මැන්දිස් මැතිතුමා1966 – 1969
7අධි නීතිඥ N.ඩෙන්සිල් ප්‍රනාන්දු මැතිතුමා1970 – 1974
8විශේෂ කොමසාරිස් පාලනය1975 – 1983
9නීතිඥ සරත් චන්ද්‍ර ගුණරත්න මැතිතුමා1983 – 1987
10නීතිඥ සරත් චන්ද්‍ර ගුණරත්න මැතිතුමා1987 – 1992
11W.නිකුලස් ප්‍රනාන්දු මැතිතුමා1992 – 1996
12ආනන්ද මුණසිංහ මැතිතුමා1997 – 1999
13ඇන්ටනි නිමල් ලාන්සා මැතිතුමා2000 – 2002
14නිව්ටන් හෙන්ඩ්‍රි ප්‍රනාන්දු මැතිතුමා2002 – 2006
15ඇන්ටනි නිමල් ලාන්සා මැතිතුමා2006 – 2009
16හර්මන් බර්නාඩ් කුරේරා මැතිතුමා2009 – 2011
17ඇන්ටනී ජයවීර මැතිතුමා2011 – 2016
18W.M.දයාන් ලාන්සා මැතිතුමා2018 – 2022

1988.01.01 දින කොච්චිකඩේ සුළු නගර සභා බල ප්‍රදේශයත් කටාන බල සභා ප්‍රදේශයෙන් කොටසක්ද මීගමුව මහ නගර සභාවට පවරා ගැණිනි.  2000 වර්ෂයේදී තලාහේන පේරුව ගම් සභා බල ප්‍රදේශය (එවකට වත්තල ප්‍රාදේශීය සභාවට අයත්ය.) මීගමුව මහා නගර සභාවට පවරා ගැණිනි. මේ වන විට මීගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයද, මැතිවරණ කොට්ඨාශ බල ප්‍රදේශයද, සම්පූර්ණයෙන්ම මීගමුව මහා නගර සභා වපසරියට ඇතුලත්ය.

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)