කසළ කළමණාකරනය

අපද්‍රව්‍ය යනු ?

භාවිතා කිරීමෙන් පසුව අනවශ්‍ය යැයි සිතෙන නිසා ඉවත දමන උපකරණ හා වෙනත් ද්‍රව්‍ය.

Garbage Image

අපද්‍රව්‍ය තවත් කෙනෙකුට සම්පතක් විය හැකිය. එම නිසා කසළ නිසි පරිදි වෙන් කිරිමට කටයුතු කිරිමට ඔබට සහභාගිත්වයක් ඇත.

ඝණ අපද්‍රව්‍ය


Garbage Image Garbage Image
  1. ගෘහස්ත අපද්‍රව්‍ය.
  2. වෙළදසැල් අපද්‍රව‍්‍ය.
  3. රාජ්‍ය ආයතන අපද්‍රව්‍ය.
  4. ආගමික ස්ථාන අපද්‍රව්‍ය.
  5. පාසල් අපද්‍රව්‍ය.
  6. වෙනත්.

මීගමුව නගරයේ කසළ ජනනය වීම


ජනගහනය 167,038
ජන ඝනත්වය 5,424
පවුල් සංඛ්‍යාව 40,490
නිවාස සංඛ්‍යාව 36,591
කසළ කළමනාකරණ කොට්ඨාශ 20
ජනනය වන කසළ ප්‍රමාණය ටොන් 110 – 120
දිනකට ඉවත් කරන කසළ ප්‍රමාණය ටොන් 70 – 80

මීගමුව නගර සභා බල ප්‍රදේශයට අයත් කසළ කළමනාකරණ කොට්ඨාශ 20


• බසාර් 1
• බසාර් 2 - (පෞද්ගලික ආයතනයක් මගින් කසළ ඉවත් කිරිමට සිදු කරයි)
• මුන්නක්කරය
• සිරිවර්ධන පෙදෙස
• කඩොල්කැලය
• කුරණ 1
• කුරණ 2
• අගුරුකාරමුල්ල
• පෙරියමුල්ල 1
• පෙරියමුල්ල 2
• කුඩාපාඩුව
• කොළඹ පාර
• රාත්‍රී සේවය
• දූව - පිටිපන (පෞද්ගලික ආයතනයක් මගින් කසළ ඉවත් කිරිමට සිදු කරයි)
• කොච්චිකඩේ නගරය
• පල්ලන්සේන
• හෝටල් ප්‍රදේශ
• හලාවත පාර
• දළුවකොටුව
• දළුපත

ඝණ අපද්‍රව්‍ය කළමණාකරණ කොට්ඨාශ තොරතුරු


අනු අංක කොට්ඨාශය මහජන සෞඛ්‍ය පරීක්ෂක දුරකථන අංකය සෞඛ්‍ය පරිපාලක/ සෞඛ්‍ය පරිපාලක/ වැඩ බලන සේවක දුරකථන අංකය
01 බසාර් 1 එච්.ඒ.යු.කේ.ගුණරත්න 071-6323183 හේමන්ත ප්‍රනාන්දු 070-2214619
02 මුන්නක්කරය / සිරිවර්ධන පෙදෙස මාලිම නිර්මාණ 077-1659922 සුරංග දසනායක 071-4040576
03 කඩොල්කැලේ - - නිශාන්ත ප්‍රනාන්දු 071-2296309
04 කුරණ 1 සුරංග මධුරාවෙල 071-5618515 රුක්මල් මහේෂ් 072-4799313
05 කුරණ 2 සුරංග මධුරාවෙල 071-5618515 මුදිත හර්ෂණ 077-6206614
06 අගුරුකාරමුල්ල මංජුල හේවාවසම් 071-8013327 නිරෝෂන් රෝහණ 077-3317312
07 පෙරියමුල්ල 1 මංජුල හේවාවසම් 071-8013327 චින්තක කුමාර ගුණරත්න 077-9594353
08 පෙරියමුල්ල 2 චතුර ප්‍රභාෂණ 077-9039304 රවීන්ද්‍ර කුමාර 075-2012079
09 කුඩාපාඩුව A එච්.ඒ.යු.කේ.ගුණරත්න / චතුර ප්‍රභාෂණ 071-6323183 / 077-9039304 එරන්ද වීරපුර 077-9920535
10 කොළඹ පාර මංජුල හේවාවසම් 071-8013327 ඉදුනිල් ප්‍රනාන්දු 071-8013443
11 වෙරළ පිරිසිදු කිරීම සම්පත් අබේසිංහ 071-8107504 ශෙහාන් 076-2948285
12 ධුමායන කටයුතු මංජුල හේවාවසම් 071-8013327 චමිත් විජේන්ද්‍ර 071-2544345
13 හලාවත පාර සම්පත් අබේසිංහ / සම්පත් කුමාර 071-8107504 / 077-1284637 රුවන් ප්‍රනාන්දු වීරසිංහ 077-7255914
14 දළුපත තරිදු ලක්මන්ත 077-0869124 ගිහාන් ප්‍රනාන්දු 077-5659067
15 දළුවකොටුව සම්පත් කුමාර 077-1284637 ඩිලුෂ රුවන් 077-9874270
16 පල්ලන්සේන ධනුශ්ක මනෝජ් 077-1210941 රෙක්සි ප්‍රනාන්දුපුල්ලේ 077-8122430
17 කොච්චිකඩේ නගර මධ්‍ය ධනුෂ්ක මනෝජ් 077-1210941 අසංක කව්ෂාන් 071-1507458
18 හොටල් ප්‍රදේශ සම්පත් අබේසිංහ / සම්පත් කුමාර 071-8107504 / 077-1284637 අසංක කව්ෂාන් 071-1507458
19 පොහොර පාටිය එච්.ඒ.යු.කේ.ගුණරත්න 071-6323183 රුක්මල් මහේෂ් 072-4799313
20 කොම්පෝස්ට් ව්‍යාපෘතිය එච්.ඒ.යු.කේ.ගුණරත්න 071-6323183 සංජිව නිශාන්ත 077-8932680

දිරණ නොදිරණ කසළ එකතු කිරිමේ සැලැස්ම


අනු අංක කොට්ඨාශය දිරණ කසළ එකතු කරන දිනයන් නොදිරණ කසළ එකතු කරන දිනයන්
01 බසාර් 1 සඳුදා / සිකුරාදා බදාදා
02 මුන්නක්කරය සඳුදා / අඟහරුවාදා බදාදා / බ්‍රහස්පතින්දා
03 සිරිවර්ධන පෙදෙස සඳුදා / අඟහරුවාදා බදාදා / බ්‍රහස්පතින්දා
04 කඩොල්කැලේ සඳුදා / අඟහරුවාදා බදාදා / බ්‍රහස්පතින්දා
05 කඩොල්කැලේ සඳුදා / අඟහරුවාදා අඟහරුවාදා
06 කුරණ I සඳුදා / බදාදා බදාදා / බ්‍රහස්පතින්දා
07 කුරණ II සඳුදා / අඟහරුවාදා බදාදා / බ්‍රහස්පතින්දා
08 අගුරුකාරමුල්ල සඳුදා / බ්‍රහස්පතින්දා බදාදා
09 පෙරියමුල්ල I (A) සඳුදා / බ්‍රහස්පතින්දා අඟහරුවාදා / සෙනසුරාදා
10 පෙරියමුල්ල I (B) සඳුදා / බ්‍රහස්පතින්දා අඟහරුවාදා / සෙනසුරාදා
11 පෙරියමුල්ල II අඟහරුවාදා / බ්‍රහස්පතින්දා බදාදා / සෙනසුරාදා
12 කුඩාපාඩුව I සඳුදා / අඟහරුවාදා බදාදා / බ්‍රහස්පතින්දා
13 කුඩාපාඩුව II සඳුදා / අඟහරුවාදා බදාදා / බ්‍රහස්පතින්දා
14 කොළඹ පාර බ්‍රහස්පතින්දා අඟහරුවාදා
15 රාත්‍රී සේවය දිනපතා දිනපතා
16 බසාර් III කාල සටහනක් අනුව මිශ්‍රව කසළ එකතු කිරිම සිදු කරයි. (නොදිරණ අපද්‍රව්‍ය ගබඩා කිරිමේ පහසුකම් නොමැත.) කාල සටහනක් අනුව මිශ්‍රව කසළ එකතු කිරිම සිදු කරයි. (නොදිරණ අපද්‍රව්‍ය ගබඩා කිරිමේ පහසුකම් නොමැත.)
17 පිටිපන / තලාහේන
18 හලාවත පාර
19 දළුපත
20 දළුවකොටුව
21 පල්ලන්සේන
22 කොච්චිකඩේ නගර මධ්‍ය
23 හෝටල් ප්‍රදේශය
Image 1 Image 2 Image 3

මීගමුව මහ නගර සභාව ඝණ අපද්‍රව්‍ය කළමණාකරන සඳහා ඉටු කරනු ලබන කාර්යන්


  1. 2020-2030 ඝන අප්‍රද්‍රව්‍ය කළමණාකරන ක්‍රියාකාරි සැලැස්ම ක්‍රියාත්මක කිරීම.
  2. ජනතාව දැනුවත් කිරිම.
  3. ප්‍රජා කමිටු පිහිටුවීම.
  4. කසළ වෙන් කර ලබා ගැනීම.
  5. පාසල් දැනුවත් කිරිම.
  6. කොම්පෝස්ට් ව්‍යාපෘතිය.
  7. නොදිරන අපද්‍රව්‍ය එකතු කිරිමේ මධ්‍යස්ථානය.
  8. ප්‍රතිචක්කිකරණ දුව්‍ය මිලදි ගැනිමේ ස්ථාන.
  9. සහන මුදලට කොම්පෝස්ට් බදින් ලබා දීම.
  10. ව්‍යාපාරික ස්ථන වලින් කසළ ඉවත් කිරිමට ගාස්තු අය කිරිම.
  11. සෞඛ්‍ය අධ්‍යාපන විශේෂ වැඩසටහන්.
  12. විශේෂ වැඩසටහන් හා කාර්යන්.
  13. කසළ අවසන් බැහැර ලන ස්ථානය නඩත්තුව.
  14. අනවසර කසළ බැහැර කිරිම් වැටලීම් සිදු කිරිම.

ඝණ අපද්‍රව්‍ය කළමණාකරන සඳහා ඔබ කළයුත්තේ...


♻️ 3R සංකල්පය ♻️

Reduse: අවම කිරීම සහ වැළැක්වීම

Re-use: ප්‍රතිභාවිතය - නැවත නැවත භාවිතය

Recycle: ප්‍රතිචක්‍රීකරණය


කසළ කළමනාකරණයේ වඩාත්ම පිළිගත් ක්‍රමවේදයයි.

කසළ ජනන ප්‍රභව පරිභෝජනය අවම කිරීම මඟින් ඉවතලන දෑ අවම කිරීම මෙහි ප්‍රධාන පියවර වේ. ඒ සඳහා,

  • කල් පවතින, නිෂ්පාදිත තත්ත්වය ඉහළ භාණ්ඩ මිලදී ගනිමු.
  • අවම ඇසුරුම් ප්‍රමාණයක් සහිත භාණ්ඩ මිලදී ගනිමු.
  • කුඩා ඇසුරුම් කිහිපයක් වෙනුවට විශාල ඇසුරුමක් සහිත භාණ්ඩ මිලදී ගනිමු.
  • ප්ලාස්ටික් ඇසුරුම් රහිතව මිලට ගත හැකි ආහාර (අර්තාපල්, ලොකු ලූණූ, රතුළූණු, සුදුළූණු) වැනි දෑ මිලදී ගනිමු.
  • එළවළු, පලතුරු සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීමේදි අවශ්‍ය ප්‍රමාණය පමණක් මිලදී ගැනීම මඟින් ඒවා නරක් වී, කල් ඉකුත් වී අපතේ යාම වළක්වා ගනිමු.
  • වෙළඳ පොලට යනවිට මල්ලක් / කූඩයක් ගෙදරින් ගෙනයාම මගින් සිලි සිලි මලු ගෙදර ගෙන ඒම වළක්වා ගනිමු.

වීදුරු, ලෝහ, ප්ලාස්ටික්, කඩදාසි වැනි ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා යොමු කළ හැකිය.

- භාණ්ඩ තෝරා ගැනීමේදී ප්‍රතිචක්‍රීකරණය කරන ලද භාණ්ඩ සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමු.

- ප්‍රතිචක්‍රීකරණය මඟින් පාරිසරික, ආර්ථික සහ සමාජීය වශයෙන් වාසි රැසක් ලැබේ.

- ශ්‍රී ලංකාව තුළ ප්‍රතිචක්‍රීකරණය පහත පරිදි වේ.

  • කඩදාසි - 42%
  • ප්ලාස්ටික් වැනි බීම බෝතල් - 40%
  • ඇලුමිනියම් - 55%
  • වානේ ඇසුරුම් - 57%
  • ප්‍රධාන උපකරණ - 52%

- දෛනික ජීවිතයේ ප්‍රතිචක්‍රීකරණය භාවිතා කළ හැකි අවස්ථා:

  • අත්කම්, සුබ පැතුම්පත් වැනි දෑ නිර්මාණය කිරීමට ප්‍රතිචක්‍රීකරණය කරන ලද කඩදාසි භාවිතය
  • නැවත ආරෝපනය කළ හැකි බැටරි භාවිතය
  • ප්ලාස්ටික් බෝතල් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පිරිසිදු කිරීමේ බුරුසු ආදිය නිපදවීම.

නිසි පරිදි කසළ කළමනාකරණය නොකිරිම තුලින් මහජන සෞඛ්‍යයට ඇති කරන බලපෑම.

  • ඩෙංගු / මැලේරියා / මී උණ / බරවා වැනි වසංගත රෝග බෝ වීම.
  • අනිසි ලෙස බැහැර කරන ලද කුණු ජලයට එක් වී කොලරාව, පාචනය වැනි රෝග බෝ වීම.
  • කාබනික අපද්‍රව්‍ය විශාල වශයෙන් හා නුසුදුසු ලෙස එකතු වන විට, එය සෞඛ්‍යයට අහිතකර ජනන වායූන් ජනනය කිරිම නිසා ස්වසන රෝග ඇති වීම.
  • කුණු නිසා සුනඛයන් බෝ වීම ව්‍යාප්ත වීම නිසා ජල භීතිකා රෝග අවධානම වැඩි වීම.
  • ක්‍ෂුද්‍ර ජීවින්ට හිතකර පරිසරයක් ඇති වී සුළඟින් හෝ ජලයෙන් විසුරුවා හැර මිනිසුන්ට අහිතකර රෝග බෝ වීම.



මීපුර අභියෝගය

මේ වන විට කොච්චිකඩේ ඔවිටියා වත්ත කසළ බැහැර කරන ස්ථානය කන්දක් බවට පත් වී ඇත.ඉදිරියේදි මීගමුව කසළ බැහැර කිරිමට ස්ථානයක් හෝ ඉඩමක් නොමැත. එබැවින් ඔබ කල යුත්තේ ඔබගේ වගකීම යුතුකම ඉටු කිරිමයි. එනම් 3 R සංකල්පය අනුගමනය කර නිවසේ / ආයතනයේ / වෙනත් ස්ථාන තුල කසළ දිරන / නොදිරන (නොදිරන කසළ පිළිස්සිය හැකි හා පළිස්සිය නොහැකි දෙලස වෙන් කර දෙන මෙන් ඉල්ලා සිටිමු.) ලෙස නිසි පරිදි වෙන් කර ආදාල දිනයේදි කසළ එකතු කරන්නන්ට ලබා දෙන්න. ඔබ එසේ ලබා දෙන පිළිස්සිය හැකි නොදිරන කසළ කෙරවලපිටිය විදුලි ජනන බලාගාරයට හා පුත්තලම ඉන්සි සමාගම වෙත ලබා දීම සිදු කරයි.ඒ සෳහිත්ම විශාල පිරිවැයක් දැරීමට නගර සභාවට සිදි වේ. එබැවින් එම අභියෝගය ජය ගැනීමට ඔබගේ වගකීම, යුතුකම, චර්යාරටාවේ වෙනස අනිවාර්යෙන්ම සිදි කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.


ජාතික මට්ටමින් කසළ වර්ගීකරණය කිරීම සඳහා වර්ණ කේත ක්‍රමයක් හඳුන්වා දී ඇත

කොළ පාට - කාබනික අපද්‍රව්‍ය
නිල් පාට - කඩදාසි අපද්‍රව්‍ය
රතු පාට - වීදුරු, බෝතල්
දුඹුරු පාට - ලෝහ, පොල්කටු
තැඹිලි පාට - ප්ලාස්ටික්, පොලිතීන්

ව්‍යාපාරික ස්ථාන වල කසළ ජනනය වැඩි නිසා මීගමුව මහා නගර සභාව මගින් ව්‍යාපාරික ස්ථාන වල කසළ ලබා ගැනීම සඳහා පහත ආකාරයට මුදල් අය කිරිම සිදු කරනු ලබයි.  

සංචාරක හෝටල් 30 ට වැඩි (Kg) 10000.00
20 - 30 (Kg) 7500.00
0 - 20 (Kg) 5000.00
පොදු ලැගුම්හල් / ස්පා 10 ට වැඩි (Kg) 2000.00
5 - 10 (Kg) 1000.00
0 - 5 (Kg) 500.00
භෝජනාගාර (අවන්හල් / Restaurants) 30 ට වැඩි (Kg) 6000.00
15 - 30 (Kg) 4000.00
0 - 5 (Kg) 500.00
උත්සව ශාලා 15 ට වැඩි (Kg) 3000.00
5 - 15 (Kg) 2000.00
0 - 5 (Kg) 1000.00
පේස්ට්‍රි ෂොප් / ආහාර අලෙවිසැල් / තේ කඩ 30 ට වැඩි (Kg) 6000.00
15 - 30 (Kg) 3000.00
5 - 15 (Kg) 1500.00
3 - 5 (Kg) 500.00
සිල්ලර / තොග වෙළඳසැල් 30 ට වැඩි (Kg) 6000.00
15 - 30 (Kg) 3000.00
5 - 15 (Kg) 1500.00
3 - 5 (Kg) 500.00
සුපිරි වෙළදසැල් (දීප ව්‍යාප්ත) 12000.00
එළවළු / පලතුරු / මල් / මස් / මාලු වෙළදසැල් / වෙනත් ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් 30 ට වැඩි (Kg) 3000.00
15 - 30 (Kg) 2000.00
5 - 15 (Kg) 1000.00
3 - 5 (Kg) 500.00
කර්මාන්ත ශාලා / ඇඟලුම් කර්මාන්ත 30 ට වැඩි (Kg) 6000.00
10 - 30 (Kg) 4000.00
0 - 10 (Kg) 2500.00
පෞද්ගලික රෝහල් (සුඛෝපභෝගී) සායනික අපද්‍රව්‍ය හැර 15000.00
පෞද්ගලික රෝහල් (සාමාන්‍ය) 6000.00
ෆාමසි / වෛද්‍ය මධ්‍යස්ථාන 30 ට වැඩි (Kg) 3000.00
15 - 30 (Kg) 2000.00
0 - 15 (Kg) 1000.00
සුපිරි ආහාර වෙළඳසැල් (දීප ව්‍යාප්ත) 12000.00
මූල්‍ය ආයතන (රක්ෂණ / ෆිනෑන්ස්) 20 ට වැඩි (Kg) 3000.00
15 - 30 (Kg) 2000.00
0 - 15 (Kg) 1000.00
සර්විස් ආයතන 20 ට වැඩි (Kg) 3000.00
10 - 20 (Kg) 2000.00
0 - 10 (Kg) 1000.00
පෞද්ගලික මහල් නිවාස / පෞද්ගලික නිවාස යෝජනා ක්‍රම 40 ට වැඩි (Kg) 10000.00
20 - 40 (Kg) 7500.00
0 - 20 (Kg) 4000.00
වෙනත් වෙළඳ ආයතන, අයිස් ෆ්‍රැක්ට්‍රි, රෙදි සාප්පු, සපත්තු සහ අනෙකුත් වෙළඳ ආයතන 30 ට වැඩි (Kg) 6000.00
20 - 30 (Kg) 3000.00
10 - 20 (Kg) 1500.00
3 - 5 (Kg) 500.00
බැංකු (වාණිජ, රාජ්‍ය) 2000.00
අර්ධ රජයේ පාසැල් / ජාත්‍යන්තර පාසැල් 10000.00
අවමංගල්‍ය කටයුතු ආයතන (මනුෂ්‍ය අපද්‍රව්‍ය හැර) 3000.00
ස්වර්ණාභරණ වෙළදසැල් 1000.00
සැලූන් / ඇඳුම් මසන්නන් / රූපලාවණ්‍යාගාර 1000.00
උපකාරක පංති 1000.00

කසළ වෙන් කිරිම සම්බන්ධයෙන් නිවාස හිමියන් දැනුවත් කිරීම

Image 1 Image 2 Image 3 Image 4

කොම්පෝස්ට් ව්‍යාපෘතිය - කොම්පොස්ට් සෑදීම සඳහා කසල ගෙනවිත් බාන අවස්ථාව


කොම්පොස්ට් නිෂ්පාදනය


කුරණ පිහිටුවා ඇති කොම්පෝස්ට් අලෙවි සැල


මීගමුව මහා නගර සභාවේ පිහිටුවා ඇති කොම්පෝස්ට් අලෙවි සැල


නොදිරන අපද්‍රව්‍ය එකතු කිරිමේ මධ්‍යස්ථානය


නොදිරන අපද්‍රව්‍ය එකතු කිරිමේ මධ්‍යස්ථානය


කසළ බේල් කිරිම සඳහා කසල බේල් යන්ත්‍රයට ඇතුළු කිරීම


සකසන ලද බේල්


ප්‍රතිචත්ක්‍රිකරණය කල හැකි අපද්‍රව්‍ය මිලදි ගැනිමේ මධ්‍යස්ථානයන් පවත්වාගෙන යාම

මීගමුව මහා නගර සභාවේ පිහිටුවා ඇති අපද්‍රව්‍ය මිලදි ගැනිමේ මධ්‍යස්ථානයනය


ඩෙංගු රෝග මර්දන කටයුතු


ඩෙංගු මදුරුවන් බෝ වන ස්ථාන


මදුරුවන්ගේ දෂ්ට වීමෙන් වැළකෙන්නේ කෙසේද?

Your Image
  • ◦ අත් පා හොඳින් ආවරණය වන ඇඳුම් අදින්න.
  • ◦ මදුරු දැලක් යට විවේකීව සිටින්න.
  • ◦ නිවසේ දොර ජනේල් හවස් යාමය වන විට හොදින් වසා තබන්න.
  • ◦ විවෘත ජනේල් හ හිඩැස් වලට දැල් ආවරණ යොදන්න.
  • ◦ ලා වර්ණ ඇදුම් අදින්න.
  • ◦ ස්භාවික ශාක නිවස වටා වගා කරන්න.(මදුරු තලා / දහස්පතියා මල් / හම්පිල / සේර / බාලෝලියා)
  • ◦ හවස් වරුව වන විට පුළුවන් තරම් නිවස තුලම සිටින්න.
  • ◦ මදුරු විකර්ශක භාවිතා කරන්න. (උදා: පැඟිරි තෙල් හෝ කෘතීම විකර්ෂක)

ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන ඩෙංගු මර්දන වැඩසටහන්

  1. දිනපතා නිවාස පරීක්ෂාව සහ දැනුවත් කිරීම.
  2. පාසල් / රාජය ආයතන / පෞද්ගලික ආයතන හා ආගමික ස්ථාන පරීක්ෂාව සහ ලිපි මගින් නිතර දැනුවත් කිරීම් සිදු කිරිම.
  3. හිස් ඉඩම / ඉදි කිරිම් බිම් පරීක්ෂාව.
  4. ඩෙංගු රෝගින් විමර්ශනය හා වාර්ථා වු ඩෙංගු රෝගින්ගේ නිවාස අවට පරිශ පරීක්ෂාව.
  5. රෝගින් වාර්ථා වීම් අනුව ධුමායන කටයුතු සිදු කිරිම.
  6. දිනපතා කොට්ඨාශ මට්ටමින් ඩෙංගු මර්ධනය පිළිබඳ ප්‍රචාරක කටයුතු සිදු කිරීම.
  7. බැදි කාණු ව්‍යාපෘතිය මගින් කොට්ඨාශ මට්ටමින් කාණු පිරිසිදු කිරිම.
  8. ජලය නිසි ලෙස බැස නොයන ජලය රැදි ස්ථාන සඳහා කීට නාශක යෙදිම.
  9. Zero Mosquitoනමින් මදුරු කටයුතු සඳහා කාර්යාලයක් පවත්වාගෙන යාම.
  10. කොට්ඨාශ මට්ටමින් නොදිරන අප්‍රද්‍රව්‍ය ලබා ගැනීම සතියකට වරක් සිදු කිරිම.
  11. කසල ඉවත් කිරිමේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාම.
  12. කාණු වලට කීට නාශක මසුන් යෙදවීම.
  13. ප්‍රජා කමිටු මගින් දැනුවත් කිරීම් සිදු කිරිම සහ ශ්‍රමදාන කටයුතු සිදු කිරිම.
  14. ප්‍රජා කමිටු සඳහා ප්‍රාදේශිය ඩෙංගු කමිටු පැවැත්වීම.
  15. ප්‍රාදේශිය ගුවන් විදුලි සේවාව මගින් ජනතාව දැනුවත් කිරිම. (සෙත් fm).
  16. ඉරිදා දින වල කතෝලික දේවස්ථාන වල දේව මෙහෙය වලදි ජනතාව දැනුවත් කිරිම.

ඩෙංගු මර්දනය උදෙසා පරීශ්‍ර පරීක්ෂා සිදු කිරිම

පරීශ්‍ර පරීක්ෂා කිරිමේදි හමුවන අබලි ද්‍රව්‍ය මදුරුවන් බෝ වන ස්ථාන ඒම අවස්ථාවේදිම ඉවත් කීරිම.

කොට්ඨාශ මට්ටමින් ඩෙංගු මර්ධනය පිළිබඳ ප්‍රචාරක කටයුතු සිදු කිරීම.

කාණු වලට කීට නාශක යෙදිම සහ ධුමායන කටයුතු සිදු කිරිම

කොට්ඨාශ මට්ටමින් කාණු පිරිසිදු කිරිම / තණකොල කැපීම/ මාර්ග දෙපස පිරිසිදු කිරිම.

ඝණ අපද්‍රව්‍ය නිසි කළමනාකරණයෙන් “පිවිතුරු පරිසරයක් සෞඛ්‍යසම්පන්න හරිත නගරයක්.”

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය
මීගමුව මහා නගර සභාව - 031-2222262

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)