මීගමුව බලකොටුව හා කලපුව අවට ප්‍රදේශය නිරීක්ෂණ චාරිකාව.
ක්‍රි.ව. 1600 දී පමණ පෘතුග්‍රීසින් විසින් ඉදිකරන ලද මීගමුව බලකොටුව පසුව ලන්දේසින් විසින් අත්පත් කරගැනීමෙන් පසුව ඔවුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයද එයට මුසු විය. ඉන් පසු ඉංග්‍රීසින්ගේ පාලන සමයේදී එහි කොටසක් පමණක් භාවිතා කල බව ඉතිහාසයේ සඳහන් වෙයි.
එවැනි සුවිශේෂතාවයක් උසුලන මීගමුව බලකොටුව හා කලපුව අවට එම ප්‍රදේශය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් බවට පරිවර්ථනය කිරීමට අවශ්‍ය කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ගරු නගරාධිපතිතුමා සහභාගි වූහ.
ඒ සඳහා ගරු නියෝජ්‍ය නගරාධිපතිවරයාද ඇතුළුව නගරාධිපතිතුමාගේ උපදේශන කණ්ඩායමේ සිටින වසර ගණනාවක අත්දැකීම් ඇති ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් හා නගර සැලසුම් ශිල්පීහු ද එම නිරීක්ෂණ චාරිකාවට සහභාගි වූහ.
මේ තුළින් සංචාරක ආකර්ෂණය තව තවත් මීගමුවට ලැබී අප ජනතාවගේ ආර්ථිකයද ඉහළ යනු ඇත.