මහා නගර සභා නගරාධිපතිවරුන්ගේ ජාතික සම්මේලනය 2025

ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනයන්ගේ සංසදයේ මූලිකත්වයෙන් මහ නගර සභා නගරාධිපතිවරුන්ගේ ජාතික සම්මේලනය පසුගියදා කොළඹ ගලධාරි හෝටලයේදී පැවැත්විණි. මෙහිදී නගරාධිපතිවරුන්ගේ ජාතික සම්මේලනයේ සභාපතිවරයා වශයෙන් මීගමුව මහා නගර සභාවේ ගරු නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා තෝරා පත්කර ගන්නා ලදී.

පළාත් පාලන ක්ෂේත්‍රයේ ඇති අභියෝගයන්ට මුහුණ දීමට ශක්තිමත් ක්‍රමෝපායික සැලසුම් නිර්මාණය කිරීමේ ඇති වැදගත්කම පිළිබඳව ගරු නගරාධිපතිවරුන්ගේ අවධාරණය ලක්විය.

ශ්‍රී ලංකා පළාත් ආයතනයන්ගේ සංසදය විසින් ක්‍රියාත්මක ව්‍යාපෘති තවදුරටත් පුළුල් කිරීම කිරීම හා මගපෙන්වීම ලබාදීමට ගරු නගරාධිපතිවරුන්ගේ තීරණය විය.