එක්ව, කියවීමේ සතුට හා දැනුමේ ප්‍රවර්ධනය – පළාත් පාලන සතිය 2025

🌟 පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් “පුනරුදයේ පුරවර” – පළාත් පාලන සතිය 2025 🌱📚

මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන පුස්තකාලය, කොච්චිකඩේ මහජන පුස්තකාලය සහ අබේසිංහපුර මහජන පුස්තකාලය එක්ව පළාත් පාලන සතියේ ජංගම සේවා දිනය නිමිත්තෙන් විශේෂ වැඩසටහනක් පැවැත්විය.

මෙම වැඩසටහනේදී:
සාමාජික අයදුම්පත් හා අත්පත්‍රිකා බෙදා දීම,
පුස්තකාල සේවාවන් හඳුන්වා දීම,
එක්දින සාමාජිකත්වය ලබා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීම. සම්පූර්ණව සිදු කරන ලදී.

📖 එක්ව, කියවීමේ සතුට හා දැනුමේ ප්‍රවර්ධනය සමඟ මීගමුවේ පුස්තකාල සේවාවන් අත්විඳිමු! ✨