නගරාධිපති

ඩබ්.ඊ.දුලිප් චාමර ප්‍රනාන්දු මයා
නගරාධිපති

සමාදාන විනිශ්චයකාර / නිල නොලත් මහේස්ත්‍රාත්

නගරාධිපති පණිවිඩය

මම චාමර ප්‍රනාන්දු - මීගමුව මහ නගර සභාවේ වත්මන් නගරාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටිමි. මාගේ උපන් නගරය සහ වාසස්ථානය වූයේ මීගමුව වන අතර මම පාසල් අධ්‍යාපනය ලැබුවේ මාරිස් ස්ටෙලා විද්‍යාලයෙන්‍ ය. මා පාසලේ දී ගතකළ වටිනා කාලය මට අතිශයින්ම අගනා අත්දැකීම් වලින් යුක්ත විය.
මා හට ලබාදුන් අඛණ්ඩ සහයෝගය සහ දිරිගැන්වීම සඳහා මාගේ පවුලේ සමාජිකයින්ට සහ කුඩාපාඩුව හා පෙරියමුල්ල ප්‍රදේශවල ජනතාවට මා හදපිරි ස්තූතිය පළකරමි.
මාගේ දීර්ඝ සේවා දිවිය තුළ කටාර් ගුවන් සමාගමේ දීර්ඝ වසර 24ක සේවා පළපුරුද්ද මට ජාත්‍යන්තර මට්ටමේ නායකත්වය, කළමණාකරණය සහ සංවිධාන කුසලතා වර්ධනය කිරීමට විශේෂ අවස්ථාවන් උදාකරදුනි. මේ කුසලතාවයෙන් මීගමුව නගරය නැවතත් ගෞරවයට පත්කිරීමටත් නැවත සම්පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීමටත් උපරිම වශයෙන් ප්‍රයෝජනයට යොදාගනු ඇත.
මීගමුව නගරය ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය, සංචාරක කර්මාන්තය සහ වෙළඳ ව්‍යාපාරික කටයුතු ප්‍රසිද්ධිමත් කේන්ද්‍රස්ථානයකි.මෙතෙක් එවැනි නගරයක සංවර්ධනය මන්දගාමී වීම, දුර්වල නායකත්වය සහ සම්පත් කළමණාකරණයේ අඩුපාඩු හේතුවෙන් සිදු වී ඇති බව කණගාටුදායකය.
මීගමුව මහ නගර සභාව ලෙස පවුල් හිතකාමී, විනයගරුක, සෞඛ්‍ය සම්පන්න සහ ආරක්ෂීත ජීවන පරිසරයක් ලෙස මීගමුව නගරය ගොඩනගා දීම අපගේ මූලික අභිලාශය සහ රාජකාරීමය වගකීම වෙයි. ඒ සඳහා යහපත් පාලනයක් ස්ථාපිත කරමින් මිගමුවට හිමිවියයුතු ගෞරවය, කීර්තිය සහ සමෘද්ධිය නැවත ස්ථාපනය කිරීම සඳහා අප කැපවී කටයුතු කරමින් සිටිමු.

මීගමුව මහ නගර සභාව

මාර්ග සිතියම

අප හා සම්බන්ධ වෙන්න..

©2024 මීගමුව මහා නගර සභාව. අවසන්වරට යාවත්කාලින කලේ : ජනවාරි 26, 2024 @ 9:29 පෙ.ව. – නිර්මාණය Nekfa Australia Pvt (Ltd)