Application Instructions

අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස් :

අයදුම්පත්‍රය සම්පුර්ණ කිරීමේදී පිළිපැදිය යුතු උපදෙස්.

මෙහි පහත සඳහන් අවශ්‍යතාවයන් සම්පුර්ණ කර නිවැරදිව ඉදිරිපත් කරන අනු බෙදුම්පතක් ප්‍රමාදයකින් තොරව අනුමත කිරීමට හැකිවනු ඇත.

  • අයදුම්කරුගේ නම,ලිපිනය,වරිපනම් අංකය නිවැරදිව සඳහන් කල යුතුය.
  • වරිපනම් ලේඛනය අනුව දේපලේ අයිතිකරු නොවේ නම් ඉඩම අනුබෙදුම් කිරීම සඳහා ඔහුගේ හෝ අයගේ අනුමැතිය දැක්වෙන ප්‍රකාශයක් ඇමිණිය යුතුය.
  • 1:1000 පරිමාණයට නොඅඩු පරිමාණයකට අදින ලද ඉඩමේ මානක සැලැස්මක පහත දැක්වෙන දෑ සමඟ වෙනත් අදාළ විස්තරයක් පෙන්නුම් කරමින් මුල් පිටපත් සමඟ පිටපත් තුනකින් යුතුව ඉදිරිපත් කළ යුතුය.
    1. ඉඩමේ පිහිටීම සහ ගොඩනැගිලි කිසිවක් තිබේ නම් ඒවා සැලැස්මේ දැක්විය යුතුය.
    2. සැලැස්මේ පරිමාණය උතුර,දකුණ සහ යාබද කොටස්වල හෝ ගොඩනැගිලිවල වරිපනම් අංක
    3. භුමි භාගයට ප්‍රවේශ වන මාර්ගය.
    4. එවකට පවත්නා සියළු කණු,ජලමාර්ග,ස්වභාවික සම්පත් සහ යෝජිත කාණු අඩිය පෙන්නුම් කළ යුතුය.
    5. භූමි භාගයේ සමෝච්ච රේඛා හෝ ස්ථානීය මට්ටම්.
    6. විදුලිබල රැහැන් ඇතුලු සේවා රැහැන්.
    7. යෝජිත පාරේ දික්කඩක්
    8. ඉඩම හෙක්ටයාර එකකට වඩා වැඩිවන අවස්ථාවකදී වීථි අතහැර ඉතිරි බිම් කොටසින් ප්‍රජා සහ පොදු කටයුතු සඳහා 10% ක බිම් ප්‍රමාණයක් වෙන්කර සලකුණු කළ යුතුය.
  • අනුබෙදුමට යෝජිත ඉඩමේ මුල් සැලැස්මේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.
  • එක් එක් බිම් කොටස්වල යෝජිත භාවිතය ඒවායේ විශාලත්වය සහ මායිම් වෙන් වෙන්ව දැක්විය යුතුය.
  • යෝජිත සියලු වීථිවල දිසාව සහ පළලද,එළිමහන් ප්‍රදේශ සහ වෙනත් පහසුකම් සඳහා පෙන්නුම් කරන ලද ඉඩ ප්‍රමාණ සහ සෑම භූමි භාගයක්ම භාවිතා කරනු ලබන්නේ කවර කාරණයකටද යන්න පෙන්නුම් කරමින් 1:1000 පරිමාණයට අඳින ලද සවිස්තරාත්මක බෙදුම් සැලැස්මක් විය යුතුය.
  • ඉඩම හෙක්ටයාර එකකට වඩා වැඩිවන අවස්ථාවකදී නල ජලය තිබේනම් ජාල සම්පන්දන මණ්ඩලයෙන්ද, නැතිනම් භූගත ජලය පිළිබඳව ජාල සම්පත් මණ්ඩලයෙන්ද, විදුලිබල පිළිබඳව විදුලිබල මණ්ඩලයෙන්ද, ලබාගත් සැලසුම් නිරාකරණය ඉදිරිපත් කළ යුතුය.
  • ඉඩම රූට් එකකට වඩා වැඩිවන අවස්ථාවකදී වරලත් නගර නිර්මාණ ශිල්පියකු විසින් සැලැස්ම සහතික කල යුතුය.
  • අනුබෙදුමට යෝජිත ඉඩම පරික්ෂ කිරීම ස්ථාන සොයා ගැනීමට පහසුවන පරිදි යෝජිත ඉඩමට ප්‍රවේශය සක්වන දළ සැලැස්මක් ඉදිරිපත් කළ යුතුය.
  • අවසර පත්‍රය ප්‍රධානය ක්ලැරන තෙක් ඉඩමේ අනුබෙදුම් භෞතිකව සිදු නොකළ යුතුය.
  • අවසර පත්‍රය ලබා ගැනීමෙන් පසුව සැලැස්මකට අනුකූලව ඉඩම භෞතික වශයෙන් සංවර්ධනය කර අනුකූලතා සහතිකය සඳහා ඉල්ලුම් කල යුතුය.
  • අනුකූලතා සහතිකය ලබාගන්නා තෙක් ගොඩනැගිලි සංවර්ධනය කටයුතු සඳහා අනුමැතිය සලකා බලනු නොලැබේ.
  • වැඩිමනක් විස්තර සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක:392/9 හා 1986 මාර්තු 10 දරන ඇති විශේෂ ගැසට් පත්‍ර බලන්න.


මා ඉහත සඳහන් කරුණු හා කොන්දේසි වලට එකග වෙමි.