ක්‍රීඩා පිටි හා ක්‍රීඩා මණ්ඩපය වෙන් කිරීමේ දී අදාල වන කොන්දේසි :

• ඉල්ලා ඇති කාරණය සම්බන්ධයෙන් පමණක් නියමිත කාලය තුලදී ක්‍රීඩා පිටිය හා ක්‍රීඩා මණ්ඩපය පරිහරණය කිරීමට වග බලා ගත යුතුය.
• ක්‍රීඩා භුමිය තුලට වාහන වලින් යෑම නොකළ යුතුය.
• ක්‍රීඩා භුමිය තුල මත්පැන් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම වැලකිය යුතුයි.
• සැණකෙළි / ප්‍රසංග / සංදර්ශන පැවැත්වීමේ දී තාවකාලික වැසිකිළි පද්ධතියක් සකස් කර ගැනීම කළ යුතු වේ.
• සැණකෙළි / ප්‍රසංග / සංදර්ශන පැවැත්වීමේ දී ඊට පෙර දිනය ද අවසන් අවසන් වන දිනට පසු දිනය ද වෙන් කල යුතු වේ.
• ක්‍රීඩා භුමි පරිපාලක විසින් නියම කරන ස්ථාන වල පමණක් කුණු කසල නියමිත පරිදි වෙන්කර ඉවත් කිරීමට කටයුතු කල යුතු වේ.
• අනුග්‍රාහක ආයතනවල දැන්වීම් ප්‍රදර්ශනය කරන්නේ නම් අමතර ගාස්තුවක් ගෙවිය යුතු වේ.


 
මා ඉහත සඳහන් කරුණු හා කොන්දේසි වලට එකග වෙමි.