×

  • අයදුම්පත ඉදිරිපත් කරන දින සිට දින 10ක් අතුලත අදාළ සියළු මුදල් ගෙවිය යුතුය.
  • ඉහත ඉල්ලුම් කරන දිනය නොවැලැක්විය හැකි හේතුවක් මත වෙනස් උවහොත් එම දිනය අවලංගු කිරීම හෝ වෙනත් දිනයක් ලබා ගැනීම සඳහා වෙන් කල දිනයට දින 21 පෙර ඉල්ලීම් කළ යුතුය
  • දින 21 කට පසු අවලංගු කළහොත් ගෙවනු ලබන සියලු ගාස්තු වලින් 50% ක ගාස්තුවක් සභාවට ය කරනු ලැබේ..
  • දින 10 කට අඩු කාලසීමාවක් තුළ නගර ශාලාව වෙන්කිරීමට ඉල්ලුම් කළහොත් එදිනම මුදල් ගෙවීමට කටයුතු කළ යුතුය.
  • ඉල්ලුම් කර ඇති කරණය සඳහා පමණක් නගර ශාලාව භාවිතා කළ යුතුය.
  • කිසිම දෙපලකට අලාභ හානියක් සිදු නොකළ යුතුය.
  • නගර ශාලාව භාවිතා කිරීමේදී ඔබ භාවිත කරන බඩු බාහිරාදිය/ආහාර පාන නිසා ජනනය වන කුණු කසල දිරණ නොදිරණ වශයෙන් නගර සභා භුමියේ තබා ඇති බදුන් තුළ නිසි පරිදි දැමීම හෝ අනවශ්‍ය සියලු අපද්‍රව්‍ය වෙනත් සුදුසු ක්‍රමයකට නගර ශාලාවෙන් ඉවත් කිරීමට කටයුතු කළයුතුය.
  • වැඩසටහන පැවැත්වෙන දිනයට අමතරව පෙරහුරු සඳහා ඔබට දිනයක් අවශ්‍ය වේ නම් ඒ සඳහා මුදල් ගෙවා ඔබට අවශ්‍ය දිනයක් වෙන් කර ගත යුතුය.
  • ශාලාව පිළියෙළ කර ගැනීම, භාණ්ඩ රදවා තැබීම් වැනි අවශ්‍යතා සඳහා වැඩසටහනට පෙර දිනය හෝ වැඩසටහන පැවැත්වෙන දිනයේම පැය කිහිපයක් වෙන් කර ගත හැකි අතර ඒ සඳහාද ඔබ විසින් ගාස්තු ගෙවා වෙන් කර ගැනීම කල යුතුය.
  • ඉල්ලුම් කරන අමතර කාලයට අදාල දිනය වෙනත් වැඩසටහනක් පැවැත්වෙන දිනයක් වුවහොත් එම වැඩසටහන අවසාන වූ පසු ලබාදිය හැකි කල සීමාව පමණක් ලබාදෙන බැවින් එයට එකඟ විය යුතුය.
  • අමතරව අවශ්‍ය වන පය ගණන තමා ඉල්ලුම් කළ දිනය නොවන විටදී එම දිනයට අසන්න රාජකාරී දින 02 කට පෙර පැමිණ මුදල් ගෙවා වෙන් කරගැනීම කල යුතුය.
  • ඉල්ලුම් කළ දිනයේම අමතර කාලයක් අවශ්‍ය නම් ඉල්ලුම් පතේම සඳහන් කර ඉල්ලීම් කළ යුතුය.
  • • පිටතින් ගෙනෙන සැරසිලි සවි කිරීම හැර ශාලාව තුල සැරසිලි නිර්මාණය කිරීම නොකළ යුතුය.
    උදා - කඩදාසි කැපීම/ ගොක්කොල කැපීම/ කෙසෙල් කඩන කැපීම/ රිජිෆෝම් ෂීට් කැපීම යනාදිය.
  • ශාලාව තුලට අහර පාන ගෙන ඒම, බෙදීම නොකල යුතුය.
  • පසු තිරයට හානි වන කිසිදු දෙයක් සවි කිරීම නොකල යුතුය.
  • කිසියම් දෙපලකට අලාභ හානියක් සිදු වූ අවස්ථාවකදී තන්පතුවෙන් අයකර ගැනීමට කටයුතු කරන බවත් සිදුවන අලාභය ගණනය කිරීමෙන් පසු එම මුදල ඔබ විසින් සභාවට ගෙවිය යුතුය.

නගරශාලාව වෙන් කර ගැනීමේ අයදුම්පත්‍රය




ඔව් නැත

ඔව් නැත
ඔව් නැත
ඔව් නැත

මේ සමග අමුණා ඇති කොන්දේසි මාවිසින් කියවා තේරුම්ගත් බවත් එම කොන්දේසි වලට එකඟව ඉහත දක්වා ඇති පරිදි නගර ශාලාව හා නගරශාලා භූමිය වෙන්කර ගැනීමට කැමති බවත්, එබැවින් එම දින වලදී නගර ශාලාව වෙන්කර දෙන ලෙසත් ඉල්ලා සිටිමි.