1978 අංක 41 දරණ නාගරික සංවර්ධන පනත අනුව ගොඩනැගිලි සැලසුම් ඉදිරිපත් කිරීම සඳහා උපදෙස්
- සැලසුම් පිටපත් 3 කින් යුක්තව ඉදිරිපත් කළ යුතුය.
- ඉදිරිපත් කරන සියළු සැලසුම් ගෘහ නිර්මාණ ශිල්පියෙකු / සුදුසුකම්ලත් තැනැත්තකු විසින් පිළියෙළ කොට අත්සන් කර තිබිය
යුතුය.
- සැලසුම් පිටපත්වල අයිතිකරු අත්සන් කල යුතු අතර, අවශ්‍ය විටක අතිරේක විස්තරය සහ සැලසුම් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
- ගොඩනැගිලි අයදුම්පත්‍රය සමඟ අවසරලත් මිනින්දෝරු විසින් 1:1000 යන පරිමාණයට නොඅඩු පරිමාණයකින් පිළියෙළ කල බිම් කට්ටි
සැලැස්මේ අනුමැත පිටපතක් ඉදිරිපත් කල යුතුය.
- ගොඩනැගිලි සැලසුම් පිළියෙළ කිරීමේදී පහත සඳහන් අවශ්‍යතා සැලකිය යුතුය.
- සැලැස්ම 1” = 8” හෝ 1:1000 පරිමාණයට ඇදිය යුතුය. එය විශාල ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් නම්, 1’ – 16
හෝ 1:12000 යන පරිමාණයකට භාවිතා කරනු ලැබිය හැකිය.
- ගොඩනැගිලි සැලස්ම, ගෙබිම සැලැස්ම, ඉදිරිපස් පෙනුම, පති පෙනුම, හරස් පෙනුම. අත්තිවාරම විස්තර (මායිම් බිත්ති සහ
අනෙකුත්, වෙන් වශයෙන්) දොර ජනෙල්වල දිග පළල, පිහිටීම සහ ස්ථානීය සැලැස්මෙන් සමන්විත විය යුතුය. ගොඩනැගිල්ලේ
සංකීර්ණත්වය වදිඔවන අවස්ථාවලදී එම ස්වභාවය අනුව හරස් කැපුම් කිහිපයක් පෙන්විය යුතුය.
- යෝජිත සහ පවත්නා ගොඩනැගිලි කොටස් වර්ණ දෙකකින් පෙන්විය යුතුය.
- එක් එක් වහලේ සිවිලමට ඇති උස දැක්විය යුතුය.
- බිත්ති,වහල,අත්තිවාරම්,තලාඳ වල ඝනත්වය දැක්විය යුතුය.
- ඉහත ස්ථානීය සැලස්මේ ගොඩනැගිලි අදාල බිමේ පිහිටුවන ආකාරයට හා මායිම්වල සිට ගොඩනැගිල්ලට ඇති අවම දුර,උතුරු දිශාව
පැහැදිලිව සඳහන් කළ යුතුය.
- ගෙබිම සැලැස්මේ සියළු කාමරවල සහ හරස් කපුම්වල පිරිවිතර (දිග,පළල,උස භාවිතය යනාදිය) දැක්විය යුතුය.
- නල ජලය නොමැති අවස්ථාවලදී වැසිකිළි වල සහ ලිඳ පැහැදිලිව දක්වා තිබිය යුතු අතර, පරතරය අඩි 50 ට නොඅඩු විය
යුතුය.
- ගොඩනැගිල්ලක පිහිටි සෑම කාමරයකටම ජනෙල්, දොරවල් හෝ අනුමත කරන ලද වෙනත් කවුළු මගින් ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය
ලබාදිය යුතුය.
- සෑම ගොඩනැගිල්ලක් සඳහාම වැසිකිලියක් තිබිය යුතුය.
- අදාල ඉඩමට ප්‍රවේශ වන ආකරය දක්වා තිබිය යුතුය.
- උඩින් අන්ද ඇති විදුලි රැහැන් වලට ගොඩනැගිල්ලේ සිට දුර දැක්විය යුතුය.
- වැසි වතුර පිට කිරීමේ ක්‍රම දැක්විය යුතුය.
- ගොඩනැගිලි සීමාව තුල වාහන නැවතුම් සලකුණු කිරීම නොකළ යුතුය.
- වාහන නැවතුම් පෙදෙස් අවම ස්න්කයවක් සඳහා ඉඩකඩ, අධිකාරියේ ප්‍රමිතීන්ට අනුකුලව කරනු ලබන සැලසුමේ දක්වා තිබිය යුතුයි.
නියමිත වාහන නැවතුම්පළවල් සංඛ්‍යාව සැපයීමට අයිතිකරුට නොහැකියයි නාගරික සංවර්ධන අධිකාරිය අදහස් කරන අවස්ථාවලදී සපයා
නොමැති එක් එක් වාහන නැවතුම්පලට නියමිත සේවා ගාස්තුවක් ය කරනු ලැබේ.
- පවත්නා හෝ ඉදිකිරීමට අපේක්ෂා කරන යම් ගොඩනැගිල්ලක් අධිකාරිය අනුමත කරන කාර්යය හැර අන් කිසිඳු කාර්යයක් සඳහා භාවිත
නොකළ යුතුය.
- ගොඩනැගිලි සැලසුම් නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් සහ ගොඩනැගිලි නීතිරීති වලට අනුකුලව සකස් කළ යුතුයි.
- අනුකූලතා සහතික නොලබා යම් ගොඩනැගිල්ලක පදිංචි වීම හෝ ප්‍රයෝජනයට ගැනීම තහනම්ය. එසේ කිරීම දඩ මුදලකට යටත් වනු
ඇත.
- ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අනුමැතිය දී වලංගු කාලය අවුරුදු එකකට සීමා වන අතර, එම කාලය ඉකුත් වීමට ප්‍රථම වලංගු
කාලය දීර්ඝ කරවා ගත යුතුය. (කාලය දීර්ඝ කළ හැක්කේ ඉදිරි වසර දෙක සඳහා පමණි.)
- මෙම පළාත් පාලන ආයතනයේ අනුමැතිය නොමැතිව, ගොඩනැගිල්ලක් අළුතින් ගැනීම / නැවත ඉදිකිරිම / වෙනස් කිරීම / අනුමත කරන
ලද සැලැස්ම වෙනස් කිරීම නීති විරෝධී ක්‍රියාවකි. අනුමත කරන ලද සැලැස්මට වෙනස්ව ගොඩනැගිල්ල තැනීම අවශ්‍ය වේ නම්,
ඒ සඳහා සංශෝධිත සැලැස්මක් නොපමවා ඉදිරිපත් කළ යුතුය. එම සංශෝධිත සැලස්ම අනුමත කරන තෙක් ගොඩනැගිල්ල තැනීමේ කටයුතු
ආරම්භ නොකළ යුතුය.
- ගොඩනැගිලි අයදුම්පත් අනුමැතිය සලක බැලීම සඳහා පහත සඳහන් වගුවේ දැක්වෙන පරිදි මහ නගර සභාව විසින් පෙරසැරි
ගාස්තුවක් අයකරනු ලැබේ.
නේවාසික සඳහා
පළමු වර්ග අඩි 1000 දක්වා වර්ග අඩි 1 ට රු. 3.00
1000 සිට 2000 දක්වා වර්ග අඩි 1 ට රු. 4.00
2000 සිට 4000 දක්වා වර්ග අඩි 1 ට රු. 6.00
4000 ට වැඩි වර්ග අඩි 1 ට රු. 8.00
නේවාසික නොවන
පළමු වර්ග අඩි 1000 දක්වා වර්ග අඩි 1 ට රු. 6.00
1000 සිට 2000 දක්වා වර්ග අඩි 1 ට රු. 8.00
2000 සිට 5000 දක්වා වර්ග අඩි 1 ට රු. 10.00
5000 ට වැඩි වර්ග අඩි 1 ට රු 12.00
මායිම් තාප්ප
දිග අඩි 50 දක්වා රු. 2000.00
දිග අඩි 51-100 දක්වා රු. 2500.00
දිග අඩි 100 ට වැඩි රු. 7500.00
ගොඩනැගිලි බලපත්‍ර වලංගු කාලය දීර්ඝ රු. 2000.00
කිරීම - අවු.1
අනුකූලතා සහතික නිකුත් කිරීම නේවාසික නේවාසික නොවන
ගෙබිම විශාලත්වය වර්ග මීටර 100 ට නොවැඩි රු. 1000.00 ගෙබිම විශාලත්වය වර්ග මීටර 200ට
වර්ග මීටර 270 ට නොවැඩි රු. 2000.00 නොවැඩි රු. 4000.00
වර්හ මීටර 270 ට වඩා වැඩි වන සෑම වර්ග ගෙබිම විශාලත්වය වර්ග මීටර 200 ට වැඩි
මිටරයකටම රු.100.00 බැගින් රු. 400/- සහ වැඩිවන සෑම වර්ග
මිටරයකටම රු.200 බැගින්
සන්නිවේදන කුළුණු සඳහා ගාස්තු
කුළුණේ උස මීටර 5 -20 = රු. 100,000.00
මීටර 20 – 50 = රු. 200,000.00
මීටර 50 ට වැඩි = රු. 300,000.00
ආවරණ අනුමැතිය (උස සෑම මීටර් 5 කටම) රු. 30,000 .00 බැගින්
(ඉහත දක්වා ඇති සෑම ගාස්තුවක් සඳහාම,ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සහ VAT බද්දක් අය කරනු ලැබේ)